පස්සර කොටමුදුන ප්‍රදේශයේ පාසල් ගුරුවරියකගේ ගෙල බැඳි මාලයක් කඩා ගත් බව කියන තරුණයෙක් ඊයේ (03) අලුයම හිඟුරුකඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර බුත්තල – පැල්වත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් බව සඳහන්.
මෙම ගුරුවරිය පාසල නිම වී නිවසට යමින් සිටියදීයි සැකකරු එම මාර්ගයේ රැක සිට ඇයගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙල බැඳි මාලය කඩාගෙන කැලෑවට දිවගොස් ඇත්තේ.
පසුව ගම්වාසීන් හා පොලිසිය එක්ව ඔහුව අල්ලා ගැනීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එම ගුරුවරිය පොලිස් ස්ථානය වෙත පැමිණ පවසා ඇත්තේ තමා ගෙල බැඳ සිටි මාලය රන් මාලයක් නොවන අතර මාලය කඩාගෙන දිව යන අවස්ථාවේ දි කෑ ගසා එය ඉමිටේෂන් මාලයක් බව සැකකරු හට පැවසූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු පස්සර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ