යාපනය – අලවෙට්ටි ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස මිය ගිය දින 45ක් වයසැති බිළිඳාගේ මරණය හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් සිදු වූවක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
නෙසවුසාලෙයි පාර, මුගෙට්ටි ප්‍රදේශයේ පදිංචි දින 45ක් වයසැති බිළිඳෙක්ක් පසුගියදා අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වුණා.
පසුගිය සෙනසුරාදා බිළිඳාට මව්කිරි ලබාදීමෙන් පසු බිළිඳා සිහිසුන් වීම හේතුවෙන් අලවෙට්ටි දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා බිළිඳා තෙලිප්පලේ මූලික රෝහලට මාරු කර යවා ඇති අතර ඒ වනවිටත් බිළිඳා මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.
බිළිඳාගේ මළ සිරුර තෙල්ලිපප්ලේ රෝහලේ තබා ඇති අතර
බිළිඳාගේ සිරුරේ තුවාල සහ තැලීම් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේදී පශ්ව්හාත් මරණ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ බිළිඳාගේ මරණය අත පය කැඩී, හිසට සිදුවූ තුවාල හේතුවෙන් කෘතිමය සිදු වූ මරණයක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර තෙලිප්පලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.



සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
සලේ උපවාසය අත්හරී
ශ්‍රී ලංකා රුපියල හුස්මක් ගනී
වත්කම් – බැරකම් ප්‍රකාශ භාර දීමේ කාලය දීර්ඝ කරයි! ඒ ගැන ඔබ දැන සිටිය යුතු ම කරුණු 6ක්!
මාව නිදොස් කොට නිදහස් කරන්න! සරණගෙන් වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්!
සමාජ මාධ්‍ය කැළඹූ දන්සල් පොළිමේ පහරදීමේ සිද්ධියට අදාළ සිඟිති පාතාලේ 5ක් කොටු
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි! 14ක් ජීවිතක්ෂයට!
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක්
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
මල් නෙලීමට ඔරුවකින් ගිය පාසල් සිසුන් සිව් දෙනෙක් වනාතවිල්ලුව මංගලපුර කලපුවේ ගිලී ජීවිතක්ෂයට