මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට ත්‍රිරෝද රථ දහයකට අධික සංඛ්‍යාවක් කොල්ල කෑ බව පැවසෙන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ 22 හැවිරිදි සහ 24 හැවිරිදි නවගමුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය, නවගමුව, කඩුවෙල බියගම, දොම්පේ යන ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන් බියගන්වා තියුණු ආයුධවලින් පහරදී මෙලෙස කොල්ලකෑම් සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ සොරකම් කරන ලද බවට ලැබුණු පැමිණිලිමත විමර්ශන ආරම්භකළ පොලිසියට ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.
මෙම සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 21ක්, කොල්ලකන ලද ත්‍රිරෝද රථ දහයක්, ත්‍රිරෝද රථවල අමතර කොටස්, කොල්ල කෑ බවට සැකකෙරෙන අත් ඔරලෝසුවක්, ජංගම දුරකථන හයක්ද පොලි භාරයට ගෙන තිබෙනවා.



ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ