සෑම මාස හයකට වරක් රාජ්‍ය සේවකයාට ජීවත්වීමට සරිලන වැටුප් වැඩිවීමක් ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන බව ජාතික ජනබලවේගයේ ජනපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹ පැවැති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“2016 පස්සේ විශ්‍රාම වැටුපේ ප්රශ්නය මතුවෙලා තියෙනවා. අපි ඒ විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. බඳවාගැනීම්, උසස් වීම් පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. කිසිම උසස්වීමක් දේශපාලන මැදිහත්වීමකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මාරුවීම් දේශපාලනයට යටත්වෙලා තියෙනවා ඒවත් දේශපාලනයෙන් තොරව සිදුකරනවා. ජීවත් වීමට සරිලන වැටුපක් දෙන්න ඕනේ. සමහර අය බලනවා එයා වැඩකරනවා නම් ගෙවනවා නැත්නම් ගෙවන්නේ නෑ. එහෙම නෙමෙයි. ඔබ කාර්යයක් කරනවා. එවැනි රාජ්‍ය සේවකයෙකුට සාධාරණ වැටුපක් ලබාදීම රජයේ වගකීම. අපේ ප්‍රතිපත්ති ප්රකාශනයට දාලා තියෙනවා එකපාර 25,000 කතා බොරු. ඒවා කරනවා නම් රනිල්ට දැන් කරන්න පුළුවන්. අපි එහෙම නෙමෙයි තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුප් සෑම අවුරුද්දකම මාස 6කට සැරයක් ගණනය කරලා ලබාදෙන්න අපි සැලසුමක් හදලා තියෙනවා.”

රු. 35,000ක අල්ලසක් ගත් සනීපාරක්ෂක කම්කරුවෙකු අත්අඩංගුවට
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ ඥාති සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට
වින්දනීය අත්දැකීමක් එක් කළ TVS RONIN Ride එක
ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් නවතම ‘TVS Ronin’ යතුරුපැදිය (ඡායාරූප)
අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල ගැන ජනපති දුන් ඉඟිය
ප්‍රධාන පාසලක් තුළ පිහි ඇනුමක්! සිසුන් 5ක් රෝහලට!
කපිලට ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි
අටමස්ථානාධිපති හිමි ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර
ගෙවී ගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය කැස්බෑවට