Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත් ප්‍රේමදාසට හිමිවූ අලුත්ම සභාපතිකම

1 year ago

10 වැනි පාර්ලිමේන්තුවේ දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සමසභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. එම්. අබේවික්‍රම තේරී පත්ව තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, 10 වැනි පාර්ලිමේන්තුව සඳහා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය යළි පිහිටුවීමේ පළමු රැස්වීම ජනවාරි 08 වනදා පැවැති බවයි.

එහි නියෝජ්‍ය සමසභාපතිවරුන් ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන තේරී පත්විය.

මීට අමතරව, එම සංසදයේ සම කැඳවුම්කරුවන් ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුෂ්කා තිලකරත්න තෝරා පත්කර ගෙන තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය අවධානය යොමු වී ඇති අවස්ථාවක, අනාගතය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට දේශගුණික විපර්යාසවල බලපෑම් සහ ඊට ප්‍රතිචාර වශයෙන් ගත යුතු පියවර පිළිබඳව සාමූහිකව සාකච්ඡා කිරීම තම අරමුණ බව සමසභාපතිවරු ප්‍රකාශ  කළහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *