තමන් මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා .
අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ ජනාධිපතිවරයා පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි .
ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කිරීමටත් පියවර ගන්නා බව එහිදී ප්‍රකාශ කර තිබෙනවා .
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති
“අපි සමහර ඒවා දැන් තමයි දන්නේ. මම ජනාධිපති වුණාම මට විශ්‍රාම වැටුපක් හම්බෙනවා මන්ත්‍රීවරයාගෙන්. ඒ කියන්නේ ජනාධිපති වැටුපට අමතරව මන්ත්‍රීවරයාගේ විශ්‍රාම වැටුපත් හම්බෙනවා. මම අද ලියුමක් දුන්නා මන්ත්‍රී විශ්‍රාම වැටුප් මට එපා. පටන් ගන්න ඕනේ මේ රට හදන්න. ඇත්තටම මම දැනන් හිටියේ නෑ එහෙම හම්බෙනවා කියලා පස්සේ තමයි දැනගත්තේ එහෙම හම්බෙනවා කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවට ලියුමක් දුන්නා මට විශ්‍රාම වැටුප එපා කියලා.
ඒ වගේම මන්ත්‍රීවරයා ඇමති වෙනකොට මන්ත්‍රී වැටුපත් හම්බෙනවා ඇමති වැටුපත් හම්බෙනවා. අපි තීරණයක් ගත්තා ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ගන්නේ මන්ත්‍රී වැටුප විතරයි. හැබැයි මන්ත්‍රී වැටුපට ඇමතිවරුන්ට තෙල් දීමනාවක් ලැබෙනවා. මන්ත්‍රී වැටුපේ තෙල් දීමනාවත් අයින් කරලා අපි දෙන්නේ. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අයින් කරනවා. ජනාධිපති වරප්‍රසාද පනතත් සංශෝදනය කරනවා”

දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා