Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි

19 minutes ago

තමන් වහන්සේට විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වන මරණීය තර්ජන සැලකිල්ලට ගෙන, වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.

උන්වහන්සේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණ අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ සම්බන්ධයෙන් ඊයේ (16)  විශේෂ ලිපියක් භාරදෙමින් මේ බව ප්‍රකාශ කළා.

ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, භික්ෂූන් වහන්සේ නමක ලෙස දේශපාලන පක්ෂය වෙනුවෙන් රට පුරා විශාල කැපකිරීමක් සිදු කළද, පක්ෂ නායකත්වයෙන් තමන්ට කිසිදු ආරක්ෂාවක් ලැබී නොමැති බවයි.

පවතින මරණීය තර්ජන හමුවේ පොලිස් ආරක්ෂාව ලබාදීමට නොහැකි නම්, ඒ සඳහා සුදුසු විකල්ප ක්‍රියාමාර්ගයක් හෝ ගන්නා ලෙස උන්වහන්සේ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *