Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පානදුරේ නිවසක සාදයක් අතරතුර වෙඩි තැබීමක්

1 year ago

පානදුර, හිරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (29) අලුයම එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි බටහිර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *