පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ආරම්භ කරන පාසල් සඳහා සාමාන්‍ය පෙළ දක්වා අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම තුළින් ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදුවන බවය.
නාවල ජනාධිපති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අදහස් පළ කළේය.
“පහේ ශිෂ්‍යත්වය විභාගයෙන් නියම වෙන පාසල්වලට ළමුන් ඇතුළත් කරන්නේ නෑ. හතරේ දී කොහොම හරි දා ගන්න බලනවා. පහේ ශිෂ්‍යත්ව විභාගය තියලා අපි හිතමු රාජකීය විදුහල 180යි කියලා, මෙන්න 7 වසරේ දී 150 ළමයා 180 පාසලට එනවා. එතකොට ලකුණු 179 ළමයා ගෙදර. මම දැන් හිතාගෙන ඉන්නේ පහේ ශිෂ්‍යත්ව ලකුණු මත පටන් ගන්න පාසල්වලට කිසිම එකකට සාමාන්‍ය පෙළ යනකල් අතරමැදි ශ්‍රේණිවලට ගන්නේ නෑ. ආසාධාරණයක් නැත්නම් අර ළමයින්ට. දෙමව්පියන්ට ඕනේ කොහොම හරි ගිහින් 7න් 8න් ළමයාව මේකට දාන්න. එතකොට වෙන්නේ 180 ළමයි ඉන්න පන්තියේ ඔක්කෝමල්ලා 180යි. ගුරුවරයා බහිනවා ද 180න් පහළට, නෑ. එතකොට ගුරුවරයා යන්නේ ඒ මට්ටමට. එතැනට 150ක ළමයෙක් ගිහින් දැම්මොත් තියෙන ටිකත් බහිනවා. ඔය තත්ත්වය තේරුම් ගන්නේ නෑ. ලකුණු අඩු ළමයා එතැනින් ඉහළට ඔසවලා ගන්නේ අර තරගයට දාලා නෙමෙයි. අර පහළ ඉඳලා උඩට ගෙනියන්න ඕනේ එයාලව.”

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි