පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ආරම්භ කරන පාසල් සඳහා සාමාන්‍ය පෙළ දක්වා අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කර නොගත යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම තුළින් ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදුවන බවය.
නාවල ජනාධිපති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම අදහස් පළ කළේය.
“පහේ ශිෂ්‍යත්වය විභාගයෙන් නියම වෙන පාසල්වලට ළමුන් ඇතුළත් කරන්නේ නෑ. හතරේ දී කොහොම හරි දා ගන්න බලනවා. පහේ ශිෂ්‍යත්ව විභාගය තියලා අපි හිතමු රාජකීය විදුහල 180යි කියලා, මෙන්න 7 වසරේ දී 150 ළමයා 180 පාසලට එනවා. එතකොට ලකුණු 179 ළමයා ගෙදර. මම දැන් හිතාගෙන ඉන්නේ පහේ ශිෂ්‍යත්ව ලකුණු මත පටන් ගන්න පාසල්වලට කිසිම එකකට සාමාන්‍ය පෙළ යනකල් අතරමැදි ශ්‍රේණිවලට ගන්නේ නෑ. ආසාධාරණයක් නැත්නම් අර ළමයින්ට. දෙමව්පියන්ට ඕනේ කොහොම හරි ගිහින් 7න් 8න් ළමයාව මේකට දාන්න. එතකොට වෙන්නේ 180 ළමයි ඉන්න පන්තියේ ඔක්කෝමල්ලා 180යි. ගුරුවරයා බහිනවා ද 180න් පහළට, නෑ. එතකොට ගුරුවරයා යන්නේ ඒ මට්ටමට. එතැනට 150ක ළමයෙක් ගිහින් දැම්මොත් තියෙන ටිකත් බහිනවා. ඔය තත්ත්වය තේරුම් ගන්නේ නෑ. ලකුණු අඩු ළමයා එතැනින් ඉහළට ඔසවලා ගන්නේ අර තරගයට දාලා නෙමෙයි. අර පහළ ඉඳලා උඩට ගෙනියන්න ඕනේ එයාලව.”

රජයේ උත්සහය ඵල දරයි! අනෝජන්ට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කරයි!
බැසිල්ට රතු වරෙන්තු ලබාගන්නැයි අධිකරණයෙන් නියෝගයක්
අධිකරණයට අපහාස කළැයි කෙහෙළිය ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්
පාකිස්තානය දණගස්වමින් සිංහ පැටව් ජය ලබයි
එයාර්බස් නඩුවට අල්ලස් කොමිසම ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි
සිරිලිය සවිය කළු සල්ලි සුදු කළාද ? – ශිරන්ති රාජපක්ෂගේ නඩුවේ සම්පූර්ණ කතාව
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය
කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්