Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලැබූ ජය ගැන හර්ෂ ද සිල්වාගෙන් සමාජ මාධ්‍ය සටහනක්

11 months ago

ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද සියයට 20 දක්වා අඩු කිරීම ජයග්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරනවා.

සිය සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, මෙමගින් අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම මේ සඳහා කැපවී කටයුතු කළ සියල්ලන්ටම ස්තූතිවන්තවන බවයි ඔහු පවසා සිටියේ.

සමාජ මධ්‍යයේ ඔහු තැබූ සම්පූර්ණ සටහන පහතින්,

”ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20%ක් දක්වා අඩුකිරීම ජයග්‍රහණයක් වන අතර ඒ තුළින් අපගේ අපනයන තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇත. ඒ පිළිබඳව මා හදවතින්ම සතුටුවන අතර මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ (තිරය ඉදිරිපස හා පිටුපස) සියල්ලන්ටත් කුඩා රටක් ලෙස අප හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වෙමි.

මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි අවධාරණය කරමි.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *