Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි

27 minutes ago

2019 පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, තමන්ව පොලිස් අත්අඩංගුවට පත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ පෙත්සමෙහි වැඩිදුර කරුණු දැක්වීම් ලබන ජූලි මස 06 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (24) නියෝග කළේය.

මෙම පෙත්සම අද දින දෙවන දිනටත් කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.

නඩු වාරය ආරම්භ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ නීතිඥයෙකු වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අද දින ද විත්ති පාර්ශවය වෙනුවෙන් වැඩිදුර වාචික කරුණු දැක්වීම් සිදුකළේය. එහිදී මෙම විමර්ශන හරහා තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට පවතින නීතිමය පදනම අභියෝගයට ලක් කරමින් දීර්ඝ වශයෙන් තර්ක ඉදිරිපත් විය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සමට අදාළ වැඩිදුර විභාගය සහ කරුණු දැක්වීම් ලබන ජූලි මස 06 වැනිදා දක්වා කල් තැබීමට තීන්දු කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *