පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (24) දින සිදුකිරීමට නියමිතය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පසුගිය ජූනි 18 වන දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි.
මෙහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම පුද්ගල නිදහස අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බව සඳහන් කළේය.
එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවල බවත් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත් අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීම සඳහා නීතියෙන් අවසර හිමිවී තිබෙන්නේ සීමිත අවස්ථාවල පමණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත්කිරීම දඬුවමක් නොවිය යුතු බවත් සඳහන් කළේය.
සිය සේවාදායකයා කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු අදාළ විමර්ශනයේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල කර නොමැති බවත් සඳහන් කළේය.
කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වග උත්තරකරුවන් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශනයකින් කටයුතු කර තිබෙන බවත් චෝදනා කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබූවොත් ඔහුට ඇප ලබා ගැනීමට තිබෙන නිදහස අහිමි කෙරෙන අතර පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පැවසීය.
කරුණු දැක්වීමෙන් අනතුරුව පෙත්සම් සලකා බැලීම ලබන අද දක්වා කල් තිබීමට අධිකරණය නියම කළේය.

ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි