ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් එළඹෙන 30 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයකටද යොමුවන බවය.
වසර ගණනාවක් තිස්සේ ග්‍රාම නිලධාරීන් ඉල්ලා සිටින ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
ග්‍රාම නිලධාරීන්ගේ සේවා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සහ දීමනා ලබාදීමට බලධාරීන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බවද වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි