Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට කථානායකවරයා අතට පත්වන විපක්ෂයේ විශ්වාසභංගය

1 year ago

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංගය හෙට දිනයේ කථානායකවරයාට භාර දෙන බව විපක්ෂය පවසනවා.

අදාළ විශ්වාසභංගයේ සම්බන්ධීකරණ කටයුතු කරන මුජිබර් රහුමාන් මහතා පැවසුවේ හෙට පෙරවරු 11ට අදාළ විශ්වාසභංග යෝජනාව භාරදීමට නියමිත බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ධ පිරිසක් රැඳී සිටි සායින්ද මරුදු ප්‍රදේශයේ නිවසක පිපිරීමක් සිදුවුනේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපති ධුරය දැරූ සමයේදී.

එම අවස්ථාවේ එහි සිටි සාරා ජස්මින් නැමැති කාන්තාව අතුරුදන් වුබවටත් ඇය පාස්කු ප්‍රහාරයේ රහස් රැසක් දැන සිටිය බවටත් විපක්ෂය පවසනවා.

ඇගේ අතුරුදන්වීමට අදාළව එවකට හමුදා සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කළ යුතුව ඇති පසුබිමක ඔවුන්ගේ ප්‍රධානියාව සිටි අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය ආරක්ෂක ඇමති ධුරයේ රඳවාගෙන එම කටයුතු සිදුකළ නොහැකි බවයි විපක්ෂය පෙන්ව් දුන්නේ.

ඒ අනුව අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව විපක්ෂය ප්‍රකාශ කළත් එසේ නොකිරීම මතයි ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පසුගියදා පාර්ලිමේනතුවේදී රැස්වූ විපක්ෂ මන්ත්‍රිවරුන් තීරණය කළේ.

ඒ අනුව හෙට දිනයේ එය භාරදීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *