කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.
හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූලික සැලසුම් මේ වන විටත් සකස් කර අවසන් බවයි.
මෙම විදුලි දුම්රිය සේවාව මරදානෙන් ආරම්භ කිරීමට නියමිත අතර ඒ ඔස්සේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා උසස් ප්‍රවාහන පහසුකමක් සැලසීම රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම නව ක්‍රමවේදය අනුව බෙලියත්තේ සිට ‘රුහුණු කුමාරි’ දුම්රියෙන් පැමිණෙන මගීන්ට පානදුරෙන් බැස විදුලි දුම්රිය මඟින් ඉතා පහසුවෙන් කොළඹ නගරයට ළඟාවීමට අවස්ථාව හිමිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි