ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන සැප්තැම්බර් මාසයේදී විදේශ සංචාර දෙකක් සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඒ ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානයේ රාජ්‍ය සංචාරයක් සඳහායි.
ඒ අනූව ප්‍රථමයෙන් නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) සඳහා සහභාගී වනු ඇති.
ඉන් අනතුරුවයි ජපාන රාජ්‍ය සංචාරයට එක්වන්නේ.
මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ ලබන සැප්තැම්බර් 23 වැනිදා ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි.
එමෙන්ම 24 වැනිදා UNGA සමුළුව අමතමින් රජයේ ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවද අදහස් දක්වනු ඇති බවයි විදේශ අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ.
මේ අතර UNGA සැසිවාරයට සමගාමීව ජනාධිපතිවරයා තවත් ලෝක නායකයින් කිහිප දෙනෙකු හමුවීමට ද නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරයා නිව්යෝර්ක් සිට, සැප්තැම්බර් 27 වැනිදා ජපානයේ ඔසාකා වෙත යාමට නියමිත බවත් එහිදී 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වීමටද නියමිතයි.
අනතුරුව ජපාන රාජ්‍ය සංචාරය සැප්තැම්බර් 28 වන දින ආරම්භ වන්නේ අගමැති ෂිගේරු ඉෂිබාගේ ආරාධනයෙන්.

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය