දිවයින පුරා පාසල් සඳහා සුහුරු පුවරු (Smart Boards) 4,570ක් ආනයනය කර බෙදාහැරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න විසින් අද (22) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
ඒ අනුව, 2024 වසරේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප්‍රතිපාදන යටතේ ලබාගත් සුහුරු පුවරු 1,000ක් පාසල් 1,000ක් වෙත බෙදාදී අවසන් කර තිබෙනවා.
එමෙන්ම 2025-2026 වසර සඳහා චීන ආධාර ව්‍යාපෘතිය යටතේ ආනයනය කළ සුහුරු පුවරු 900කින් පුවරු 500ක් මේ වනවිට පාසල් වෙත ලබාදී ඇති අතර, ඒවා සවිකිරීමේ කටයුතු ද සිදු කෙරෙමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
මීට අමතරව, ඩිජිටල් කාර්යසාධක බලකායේ මඟපෙන්වීම සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ පළාත් මට්ටමින් ප්‍රසම්පාදනය කළ සුහුරු පුවරු 2,670ක් සම්පූර්ණයෙන්ම බෙදාහැරීමට පියවර ගෙන තිබෙනවා.
එම සුහුරු පුවරු පාසල්වල සවිකිරීමේ කටයුතු ද මේ වනවිට සක්‍රීයව සිදු කෙරෙමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ පළාත් මට්ටමින් වැඩිම සුහුරු පුවරු සංඛ්‍යාවක් ලබාදී ඇත්තේ වයඹ පළාතට වන අතර එම සංඛ්‍යාව 524ක්.
බස්නාහිර පළාතට සුහුරු පුවරු 481ක්, නැගෙනහිර පළාතට 371ක්, ඌව පළාතට 363ක්, දකුණු පළාතට 311ක්, උතුරු මැද පළාතට 200ක්, මධ්‍යම පළාතට 170ක්, සබරගමුව පළාතට 150ක් සහ උතුරු පළාතට 100ක් බැගින් ලබාදී තිබෙනවා.
පාසල් පන්ති කාමර ඩිජිටල්කරණය කරමින් නවීන තාක්ෂණය සිසුන්ට සමීප කිරීම මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළා.

පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ශ්‍රී ලංකා පිල ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට වැටෙයි
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කෙරේ
බබන්ධනාගාරයේදී ගුටි ඇනගත් හරක් කටා සහ පද්මේ ගැන විශේෂ විමර්ශනයක්
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
සුගීෂ්වරට අදත් ඇප නෑ