Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති CID අත්අඩංගුවට

8 months ago

නිදන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකට අදාලව කොළඹ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් අනුරාධපුර පොලිසිය විසින් මෙයට පෙර අත්අඩංගුවට ගනු ලැබුවේ නිධානයක් හෑරිම සම්බන්ධයෙන්.

එහිදී බිරිඳ බේරාගැනීමට අනුරාධපුර පොලිස් ප්‍රධානීන්ට පවා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බලපෑම්කර තිබුණා.

මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලබන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියයි.

එම විමර්ශනයේදී අනාවරණය වන්නේ සිය බිරිඳ ඇතුළු පිරිස කළ එම ක්‍රියාව කල්තියා නියෝජ්‍ය පොලිස්පති සැමියා විසින් දැන සිට ඇති බවයි.

එම සිදුවීම වන විට ඔහු අනුරාධපුරයේ රැදී සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

දුරකථන විශ්ලේෂණ හා ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා පරීක්ෂා කිරීම් මගින් තහවුරු වූ විද්‍යාත්මක සාක්ෂිද පදනම් කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *