නිදන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකට අදාලව කොළඹ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් අනුරාධපුර පොලිසිය විසින් මෙයට පෙර අත්අඩංගුවට ගනු ලැබුවේ නිධානයක් හෑරිම සම්බන්ධයෙන්.
එහිදී බිරිඳ බේරාගැනීමට අනුරාධපුර පොලිස් ප්‍රධානීන්ට පවා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බලපෑම්කර තිබුණා.
මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලබන්නේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියයි.
එම විමර්ශනයේදී අනාවරණය වන්නේ සිය බිරිඳ ඇතුළු පිරිස කළ එම ක්‍රියාව කල්තියා නියෝජ්‍ය පොලිස්පති සැමියා විසින් දැන සිට ඇති බවයි.
එම සිදුවීම වන විට ඔහු අනුරාධපුරයේ රැදී සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
දුරකථන විශ්ලේෂණ හා ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා පරීක්ෂා කිරීම් මගින් තහවුරු වූ විද්‍යාත්මක සාක්ෂිද පදනම් කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඉරාන නව උත්තරීතර නායකයාට ප්‍රහාරයක්?
මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!
උසස් පෙළ ඉහළින්ම සමත් සිසුන්ට විදෙස් ශිෂ්‍යත්ව
විදුලිබල වෘත්තීය සමිතිවල ඉල්ලීම් ඉටුකිරීමට ජනපතිගෙන් පොරොන්දුවක්
ධම්මික රණතුංගට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
දිට්වා අරමුදලට ආධාර වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් තරගාවලියක්
දිස්ත්‍රික්ක 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
“පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ගෝඨාභය කියලා” – උදය ගම්මන්පිල
හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ඉරාන නාවික මළ සිරුරු මත්තල හරහා ඉරානයට
ලෝක තෙල් මිල පාලනයට ඇමෙරිකාවෙන් ගත් තීරණය
ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය පිටබැද්දරින් හමුවෙයි