පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය හෙට (28 වැනිදා ) පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොය ගේ හිදී පැවැත්වේ.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිලවරණය සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමියන් දහනව දෙනකු (19) ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.
අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධූරයේ වැඩ විසු ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත්වීම හේතුවෙන් මෙම අනු නායක ධූරය පුරප්පාඩු විය.
මේ වන විට අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගණය රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය නාරම්පනාවේ ආනන්ද නා හිමි මෙම ධූරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට දැහැත් ලබා දී තිබේ.
පල්ලකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම අස්ගිරි මහා පිරිවෙනි හිටපු පිරිවෙනාධිපති ලෙස කටයුතු කරනු ලැබුවේ නාරම්පනාවේ ආනන්ද නාහිමියන්ය.
අස්ගිරි පාර්ශ්වයේ අනු නායක පදවි දෙකක් පවතින අතර ඉන් එක් පදවියක වර්තමානයේ වැඩසිටින්නේ වේඬරුවේ උපාලි නාහිමියන් ය.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්