2009 අවසන් යුද මෙහෙයුම් ක්‍රියාත්මක වන කාල සීමාවේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට පලායාමට අවස්ථාව ලබා දුන් බව එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
2009 වසරේ ජනවාරි 29 වනදාත් පෙබරවාරි පළවෙනිදාත් අතර කාලයේදී මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කළේ ආරක්ෂක කවුන්සිලයේද මතය නොතකමින් බවත් හෙතෙම කියා සිටියි.
නමුත් එම සටන් විරාමයෙන් ප්රභාකරන් ප්‍රයෝජන ගෙන පලා යනු වෙනුවට ආපසු ආරක්ෂක හමුදාවට පහර දුන් බවද පැවසුව ඔහු ඒ හේතුවෙන් තම සෙබළුන් පන්සියයකට ආසන්න පිරිසක් මරණයට පත් වූද කියා සිටියේය.
යුද්ධය අවසන් කළේ තමන් යැයි රාජපක්ෂලා නිතර පැවසුවත් යුද්ධය අවසන් කළේ කෙසේදැයි ඕනෑම අවස්ථාවක පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට අභියෝග කරන බවද ඒ මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාඇල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
කොළඹ උද්ධමනයේ වැඩිවීමක්
මඩකළපුවේ දරුවන් දෙදෙනා මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!