Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සරත් ෆොන්සේකාගෙන් ආනදෝලනාත්මක අනාවරණයක්

9 months ago

2009 අවසන් යුද මෙහෙයුම් ක්‍රියාත්මක වන කාල සීමාවේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ හදිසි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට පලායාමට අවස්ථාව ලබා දුන් බව එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

2009 වසරේ ජනවාරි 29 වනදාත් පෙබරවාරි පළවෙනිදාත් අතර කාලයේදී මෙම සටන් විරාමය ප්‍රකාශයට පත් කළේ ආරක්ෂක කවුන්සිලයේද මතය නොතකමින් බවත් හෙතෙම කියා සිටියි.

නමුත් එම සටන් විරාමයෙන් ප්‍රභාකරන් ප්‍රයෝජන ගෙන පලා යනු වෙනුවට ආපසු ආරක්ෂක හමුදාවට පහර දුන් බවද පැවසුව ඔහු ඒ හේතුවෙන් තම සෙබළුන් පන්සියයකට ආසන්න පිරිසක් මරණයට පත් වූද කියා සිටියේය.

යුද්ධය අවසන් කළේ තමන් යැයි රාජපක්ෂලා නිතර පැවසුවත් යුද්ධය අවසන් කළේ කෙසේදැයි ඕනෑම අවස්ථාවක පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට අභියෝග කරන බවද ඒ මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාඇල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *