ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ තරග ගාස්තුව මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ.
අදාළ ප්‍රහාරයෙන් මියගිය කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් එම මුදල පිරිනමන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවති අතර එහිදි පාකිස්තාන කණ්ඩායම පරාජයට පත් කළ ඉන්දීය කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමි විය.
අවසන් මහා තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් ආගා ප්‍රකාශ කළේ තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමේ හැසිරීම ක්‍රිකට් ක්‍රීඩාවට ද අගෞරවයක් බවය.
ඊයේ පැවති අවසන් මහා තරගයෙන් පසු ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද වන මොසින් නක්වි අතින් කුසලානය ලබා ගැනීම ද ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ශේප කර තිබුණි.

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්