සංචාරක පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර 40ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 187ක් පමණයි.
ලකුණු 188ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 37.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමිකර ගත්තා.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 71ක් සහ හසිනි පෙරේරා නොදැවී ලකුණු 50ක් රැස් කළා.

මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප