Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය

1 day ago

රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, කහතුඩුවේදී ඉදි කරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව (System Interchange) ඇතුළුව, රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර – 01 මාර්ග කොටස ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය 2026 වර්ෂය තුළදීම නිම කර අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.

2026 වර්ෂයේ අනුමත ප්‍රතිපාදන තුළ දේශීය අරමුදල් මත පදනම්ව, රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කර සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සමස්තයක් ලෙස අදියර තුනකින් (3) ක්‍රියාත්මක වීමට නියමිත අතර, එහි පළමු අදියර කහතුඩුව සිට ඉංගිරිය දක්වාත්, දෙවන අදියර ඉංගිරිය සිට රත්නපුර දක්වාත්, තෙවන අදියර රත්නපුර සිට පැල්මඩුල්ල දක්වාත් ඉදි කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *