ශ්‍රී දළදා මාළිගාවේ මහ ලේකම් වශයෙන් දශක එක හමාරකට ආසන්න කාලයක් මහත් කැපවීමෙන් සේවය කළ, රාජ්‍ය සේවයේ කීර්තිමත් පරිපාලකයෙකු වූ සී. ඩබ්ලිව්. කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ සමීප ආරංචි මාර්ග පවසනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසත්, අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු ලෙසත් කටයුතු කළ මෙතුමා, දශක ගණනාවක් පුරා පරිපාලන ක්ෂේත්රයේ අභිජන අත්දැකීම් සමග රාජ්‍ය සේවයට දැවැන්ත දායකත්වයක් ඉටු කළ කෘතහස්ත නිලධාරියෙක්.
රාජ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිසංස්කරණයන් සඳහා ද ඔහුගේ දායකත්වය විශේෂ කොට සලකනවා.
ආගමික සහ සමාජීය කටයුතු වෙතද විශාල දායකත්වය දැක්වූ කරුණාරත්න මහතා , ශ්‍රී දළදා මාළිගාව තුළ නිරතුරුව ඉටු කළ සේවය හරහා මහජන ගෞරවය දිනා ගත් අයෙක් ලෙස ප්රකටයි.
කරුණාරත්න මහතාගේ දේහය දැනට ගාල්ල, රුහුණු මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (01) දින සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි