Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු මහ ලේකම් සී. ඩබ්ලිව්. කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

9 months ago

ශ්‍රී දළදා මාළිගාවේ මහ ලේකම් වශයෙන් දශක එක හමාරකට ආසන්න කාලයක් මහත් කැපවීමෙන් සේවය කළ, රාජ්‍ය සේවයේ කීර්තිමත් පරිපාලකයෙකු වූ සී. ඩබ්ලිව්. කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ සමීප ආරංචි මාර්ග පවසනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙසත්, අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු ලෙසත් කටයුතු කළ මෙතුමා, දශක ගණනාවක් පුරා පරිපාලන ක්ෂේත්‍රයේ අභිජන අත්දැකීම් සමග රාජ්‍ය සේවයට දැවැන්ත දායකත්වයක් ඉටු කළ කෘතහස්ත නිලධාරියෙක්.

රාජ්‍ය සේවයේ ගුණාත්මක ප්‍රතිසංස්කරණයන් සඳහා ද ඔහුගේ දායකත්වය විශේෂ කොට සලකනවා.

ආගමික සහ සමාජීය කටයුතු වෙතද විශාල දායකත්වය දැක්වූ කරුණාරත්න මහතා , ශ්‍රී දළදා මාළිගාව තුළ නිරතුරුව ඉටු කළ සේවය හරහා මහජන ගෞරවය දිනා ගත් අයෙක් ලෙස ප්‍රකටයි.

කරුණාරත්න මහතාගේ දේහය දැනට ගාල්ල, රුහුණු මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (01) දින සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *