අතිරික්තයක් සහිත රාජ්ය සේවය ආහාර සුරක්ෂිතතා වැඩසටහනට යොමුකළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බැහැ නොකියා අදාළ වැඩසටහන සමග ඔවුන් එක්විය යුතු බවය.
ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්රගති සමාලෝචන රැස්වීම ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.
පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්රියාවට නැංවූ, “කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන්න තේමා කරගත් බහු ආංශික ඒකාබද්ධ යාන්ත්රණයේ ප්රගතිය දිස්ත්රික් මට්ටමින් විමසාබැලීම මෙහිදී සිදුකෙරුණි.
ඒ ඒ දිස්ත්රික්කවලට අදාළව වගා කටයුතුවලදී පවතින බාධක හා ගැටලු මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ග්රාමීය මට්ටමින් සිදුකළ යුතු බෝග වගා හඳුනාගන්නා ලෙසත්, ආහාර හිඟතාවයෙන් පෙළෙන ප්රදේශ හඳුනාගෙන වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුනි.
එම තොරතුරු මත ආහාර බැංකු සහ ප්රජා මූල මුළුතැන්ගෙය යන වැඩසටහන් දිස්ත්රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සෑම දිස්ත්රික්කයක්ම ආවරණය වන ලෙස ක්රියාත්මක කරන ලෙසටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණි.
PREVIOUS :

අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්රී ලංකා කාන්තා ක්රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා
ගෑස් සැපයුම අද සිට යථා තත්ත්වයට
චන්දන කත්රිආරච්චිගේ නිවසින් සොයාගත් ආයුධ තොගය ගැන තොරතුරු රැසක් එළියට! CCDය නිවස පීරයි!
එලිෆන්ට් හවුස් අයිස්ක්රීම් නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චන්දන කත්රිආරච්චි අත්අඩංගුවට