අතිරික්තයක් සහිත රාජ්‍ය සේවය ආහාර සුරක්ෂිතතා වැඩසටහනට යොමුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බැහැ නොකියා අදාළ වැඩසටහන සමග ඔවුන් එක්විය යුතු බවය.
ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.
පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නැංවූ, “කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන්න තේමා කරගත් බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ප්‍රගතිය දිස්ත්‍රික් මට්ටමින් විමසාබැලීම මෙහිදී සිදුකෙරුණි.
ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළව වගා කටයුතුවලදී පවතින බාධක හා ගැටලු මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ග්‍රාමීය මට්ටමින් සිදුකළ යුතු බෝග වගා හඳුනාගන්නා ලෙසත්, ආහාර හිඟතාවයෙන් පෙළෙන ප්‍රදේශ හඳුනාගෙන වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුනි.
එම තොරතුරු මත ආහාර බැංකු සහ ප්‍රජා මූල මුළුතැන්ගෙය යන වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස ක්‍රියාත්මක කරන ලෙසටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණි.
PREVIOUS :

වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්! පිළිකාවට එරෙහිව නව එන්නතක්!
මාස 6කට පසු ලෝක බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්?
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!