කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටි සැකකරුවකුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා දෙමින්, සැකකරු පිළිබඳව පුද්ගලික තොරතුරු අනවසරයෙන් ලබා දුන් බව කියන පොලිස් සැරයන්වරයකුගේ සේවය අද (05) සිට තහනම් කර තිබෙනවා.
රඳවා සිටි රංජිත් කුමාර නමැති සැකකරු සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කළේ, මෙම සැරයන්වරයා විසින් පසුගිය මස 29 සහ 30 දින රාත්‍රියේ රාත්‍රී සේවයේ යෙදී සිටියදී නිසි අවසරයකින්තොරව ඇමතුම් ගෙන ඔහුගේ බිරිඳට තොරතුරු ලබා දී ඇති බවයි.
තවද, මෙම සැකකාර සැරයන්වරයා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අනෙකුත් සැකකරුවන් සමඟ ද අනීතික සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව, කොළඹ දිසා අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් විමර්ශනයක් පවත්වා, එම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම සිදු කර තිබෙනවා.

වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්