Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කරයි

7 months ago

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටි සැකකරුවකුගේ බිරිඳට දුරකථන ඇමතුම් ලබා දෙමින්, සැකකරු පිළිබඳව පුද්ගලික තොරතුරු අනවසරයෙන් ලබා දුන් බව කියන පොලිස් සැරයන්වරයකුගේ සේවය අද (05) සිට තහනම් කර තිබෙනවා.

රඳවා සිටි රංජිත් කුමාර නමැති සැකකරු සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කළේ, මෙම සැරයන්වරයා විසින් පසුගිය මස 29 සහ 30 දින රාත්‍රියේ රාත්‍රී සේවයේ යෙදී සිටියදී නිසි අවසරයකින්තොරව ඇමතුම් ගෙන ඔහුගේ බිරිඳට තොරතුරු ලබා දී ඇති බවයි.

තවද, මෙම සැකකාර සැරයන්වරයා රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අනෙකුත් සැකකරුවන් සමඟ ද අනීතික සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව, කොළඹ දිසා අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් විමර්ශනයක් පවත්වා, එම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම සිදු කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *