වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (7) ප්‍රතික්ශේප කළා.
මෙම නියෝගය ප්‍රියනාත් ලියනගේ, විරාජ් වීරසූරිය, පී එම් ටී බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කර තිබෙනවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ 14,000ක් සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් තුනකට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දාන්නද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු පසුගිය මැයි 29 වැනිදා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරදකරුවන් කෙරුණා.
එම දණ්ඩන නියෝගයට එරෙහිව විත්තිකාර හිටපු අමාත්‍යවරුන් සිය නිතීඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සම් ගොනු කළා.
එම අභියාචන පෙත්සම්වලට යටත්ව තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා විත්තිකාර අමාත්‍යවරුවන් මෙම ඇප ඇයැදුම් පත්‍ර ගොනු කර තිබුණා.
කරුණු සලකා බැලූ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල චූදිතයින් හට ඇප ලබා දීමට ප්‍රමාණවත් තරම් කරුණු දැක්වීමක් ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කරමින් ඇප අයැදුම් පත්‍ර ප්‍රතික්ශේප කළා.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්