අයාලේ යන සුනඛයෙකුගේ නිරන්තර බුරන හඬ නිසා කෝපයට පත් පුද්ගලයෙක් ගඩොලකින් ගසා එම සුනඛයා මරා දැමූ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.
එම පුද්ගලයා සුනඛයා මරාදමන අයුරු වෙළඳසැලක සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබූ අතර එය සාක්ෂියක් ලෙස ගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පූර් හි මෙම සිදුවීම සිදුව ඇති අතර,සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙන්නේ ජැකී නම් මෙම පුද්ගලයා සුනඛයාගේ හිසට ගඩොල්වලින් පහර දෙන ආකාරයයි.
වෙළඳසැලේ හිමිකරු විසින් සී.සී.ටී.වී. දර්ශන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු සොයා සිදුකළ විමර්ශනයක දී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි ඉන්දීය මධ්‍ය වාර්තාකර තිබුණේ.
“දිගින් දිගටම බල්ලා බුරන නිසා තමන් කෝපයට වූ බවත් ඒ හේතුවෙන් අයාලේ බල්ලා මරා දැමීමට තීරණය කළා” යනුවෙන අත්අඩංගුවට පත් සැකකරු පොලිසියට පව තිබෙනවා.

පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!