නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය ඉදිරි පැය 30 තුල පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකියි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරුමැද , වයඹ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වැසෙයි
කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
ඉදිරි පැය 24 කාලගුණය ගැන දැනුම්දීමක්
යෝෂිතට හා වසන්ත කරන්නාගොඩට අධිචෝදනා
පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවයි
කැලණි ගංගා ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
වසර 48ක Ruhunu Foods උරුමය නරඹන්න Kandy Royals කණ්ඩායම කුණ්ඩසාලයට යයි
ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි! 18 කට තුවාල!
අද කාලගුණ නිවේදනය
අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර