දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, සබරගමුව පළාතට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල මෙන්ම මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය අද (03) පෙ.ව. 11.30ට නිකුත් කර ඇති අතර එය හෙට (04) පෙ.ව. 11.30 දක්වා වලංගු වනවා.
මෙම කාලසීමාව තුළදී සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින් සූදානමින් සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම, ඊයේ (02) පෙ.ව. 8.30 සිට අද (03) පෙ.ව. 8.30 දක්වා වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ඉහළම වර්ෂාපතනයන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
එහිදී වැඩිම වර්ෂාපතනයක් කැනියන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191.0ක්.
එමෙන්ම ලක්ෂපාන ප්‍රදේශයට මිලිමීටර් 187.0ක්, නෝටන් ප්‍රදේශයට මිලිමීටර් 186.0ක්, කාසල්රී ප්‍රදේශයට මිලිමීටර් 159.0ක්, කොත්මලේ ප්‍රදේශයට මිලිමීටර් 133.2ක් සහ දික්ඔය ප්‍රදේශයට මිලිමීටර් 127.0ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති