LPL තරගාවලියේ Kandy Royals කණ්ඩායම රුහුණු ෆුඩ්ස් ප්‍රධාන කර්මාන්තශාලාවේ සංචාරයක
වසර 48ක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ප්‍රමුඛ පෙළේ කුළුබඩු සහ ස්වාභාවික පලතුරු බීම නිෂ්පාදකයා වන Ruhunu Foods ආයතනය, Lanka Premier League (LPL) තරගාවලියේ Kandy Royals කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා (Official Sponsor) ලෙස ඔවුන් සමඟ ඇති ශක්තිමත් සබඳතාව තවදුරටත් තහවුරු කරමින් විශේෂ හමුවක් සිය කුණ්ඩසාලේ පිහිටි ප්‍රධාන කර්මාන්තශාලා පරිශ්‍රයේදී සංවිධානය කළේය.
මෙම අවස්ථාවට Kandy Royals කණ්ඩායමේ ක්‍රීඩකයෝ, පුහුණු කාර්ය මණ්ඩලය, කණ්ඩායම් නිලධාරීහු සහ LPL තරගාවලි අධ්‍යක්ෂවරයා (Tournament Director) ඇතුළු පිරිසක් සහභාගී වූහ. ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ Ruhunu Foods ආයතනයේ සභාපතිනී ශ්‍රීමති චිත්‍රාංගනී මුතුමාල, කළමනාකාර අධ්‍යක්ෂ රුෂාන් මුතුමාල, සන්නාම තානාපතිනී සුජානි මේනකා යන මහත්ම මහත්මීන් සහ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසිනි.
මෙම සංචාරය අතරතුර Ruhunu Foods ආයතනයේ වසර 48ක උරුමය, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම උසස්ම තත්ත්වයේ කුළුබඩු හා ස්වාභාවික පලතුරු බීම නිෂ්පාදනය කෙරෙන ආකාරය සමීපව අධ්‍යයනය කිරීමට Kandy Royals කණ්ඩායමට අවස්ථාව හිමි විය. ශ්‍රී ලාංකීය ගුණාත්මකභාවය සහ විශ්වාසය පදනම් කරගත් Ruhunu Foods හි නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව ද කණ්ඩායමේ විශේෂ අවධානය යොමු විය.
මෙම සුවිශේෂී අවස්ථාව සදහා Ruhunu Foods ආයතනය විසින් Kandy Royals කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් වෙත විශේෂ සමරු තිළිණ ද ප්‍රදානය කරන ලදී. එය දේශීය ක්‍රීඩාව සහ ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාව අතර ඇති ශක්තිමත් සබඳතාව තවදුරටත් පිළිඹිමු කළ අවස්ථාවක් විය.
LPL 2026 තරගාවලියේ ‘Playoff’ වටය කරා සාර්ථක ගමනක නිරත වන Kandy Royals කණ්ඩායමට Ruhunu Foods ආයතනය සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන අතර, ක්‍රීඩකයන්, පුහුණු කාර්ය මණ්ඩලය, කළමනාකාරීත්වය ඇතුළු සමස්ත Royals පවුල සමඟින් මෙම සාර්ථක ගමනේ කොටස්කරුවකු වීමට ලැබීම පිළිබඳව ආඩම්බර වෙයි.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති