2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් විය.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය මෙරට වේලාවෙන් අද (01) උදෑසන තරගය අවසන් විය.
මෙහිදී රුමේෂ් සිය දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනාදුන්නේය.
මෙය පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 6වැනි රන් පදක්කම වන අතර, 2006 වසරේ දී බර ඉසීලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු දිනූ එකම රන් පදක්කමද විය.
එමෙන්ම ඩන්කන් වයිට් 1950 වසරේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවැති පිරිමි යාර 440 කඩුලු පැනීම ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගැනීමෙන් වසර 76කට පසු, ශ්‍රී ලාංකිකයෙකු මෙම ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවෙන් දිනූ පළමු රන් පදක්කමද වේ.
මෙහිදී රුමේෂ්ට යම් තරමක හෝ අභියෝගයක් විය හැකියැයි අනුමාන කර තිබූ 2021 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ නීරාජ් චොප්රාට රිදී පදක්කමෙන් සෑහීමට සිදුවිය.
ඔහු මීටර 85.83ක දුරක් විසිකර එම පදක්කම දිනාගත් අතර, ඉන්දියාවෙකුම වන යෂ් වීර් සිං ලෝකඩ පදක්කම දිනාගත්තේය. ඔහු මීටර 85.41ක දක්ෂතාවක් දැක්වීය.
රුමේදි දිනූ රන් පදක්කමත් සමග මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ ගියේය.
පසුගිය බ්‍රහස්පතින්දා පැවති පැරා කවපෙත්ත විසිකිරීම (F42-44/F61-64) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට පාලිත බණ්ඩාර සමත් විය.

රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබ පැතුම්
මීගමුව මුහුදේ දී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වෙයි! ධීවරයින් සෙවීමේ කටයුතු සඳහා ගුවන් යානයක් යොදවයි! එක් මළ සිරුරක් හමුවෙයි!
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්ම වූ තද වැසි
“මේ තීන්දුවෙන් සතුටු වන දෙන්නෙක් ඉන්නවා” – මරණ දඬුවම නියම වූ හේමසිරි ප්‍රනාන්දු කළ විශේෂ ප්‍රකාශය
ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Lanka Metro Transit වෙතින් රියදුරු තනතුරු සඳහා රැකියා අවස්ථා! මසකට රු.115,000කට වැඩි වැටුපක්!
කොළඹ උද්ධමනය ඉහළට
දයාසිරි ජයසේකර අල්ලස් කොමිසමට
මිලියන 3,811ක දේපළ රජයට පවරා ගැනීමට සැලසුම්
නව හමුදාපති පත් කෙරේ
මිරිස්සේ වෙඩි තැබීමක්