පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින්’ මියගොස් නැති බවට විමර්ශන අංශ මගින් කරුණු අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේ ඇය මියගොස් ඇති බව තහවුරු කිරීමට උත්සාහ කළද, වත්මන් විමර්ශන මගින් එම මතය බිඳවැටී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සාරා ජස්මින් මෙරටින් පලාගොස් ඇති බවට සැක පවතින බැවින් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් ඉදිරියේදී විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.
ඇය ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද, ඒ පිළිබඳව ගැඹුරු විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
“පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නව රජය යටතේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මේ වන විට ඉතා ගැඹුරු විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා. ඇතැම් සංවේදී තොරතුරු විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට හෙළි කළ නොහැකියි,” යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවා විපක්ෂයේ සිටියදී සාරා ජස්මින් ඉන්දියාවේ සිටින බව ප්‍රකාශ කළ බවයි. විදේශගතව සිටින පාතාල සාමාජිකයන් ගෙන්වීමට පියවර ගන්නා ආකාරයටම ඇය සම්බන්ධයෙන්ද කඩිනමින් විවෘත වරෙන්තුවක් ලබා නොගන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් ආනන්ද විජේපාල මහතා යළිත් අවධාරණය කළේ, අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග සහ වරෙන්තු ලබාගැනීමට රජය කිසිසේත් පසුබට නොවන බවයි.

ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ