පාසල් සිසුවෙකුව අනතුරට පත්කර අනතුරට පත් පාසල් සිසුවා ත්‍රීරෝද රථයේම නංවාගෙන ගොස් අතරමඟ දමා ගොස් තිබිය දී අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගිනිගත්හේන පොලීසිය විසින් අදාළ ත්‍රීරෝද රථ රියදුරුව ඊයේ (26) අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ යටියන්තොට මිපිටිකන්ද ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ පහ වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු ඉකුත් 22 වනදා ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට පැමිණ ආපසු නිවස කරා යෑමට ගිනිගත්හේන නගර මධ්‍යයේ කහ ඉර සිමාවෙන් මාර්ගය හරහා යෑමට උත්සාහ කිරීමේ දී හැටන් සිට යටියන්තොට දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක සිසුවා ගැටි තුවාල ලබා තිබුණි.
තුවාල ලැබු සිසුවා ගිනිගත්හේන රෝහල වෙත රැගෙන යන බව පවසා එම ත්‍රීරෝද රථ රියදුරා පාසල් සිසුවාව ත්‍රීරෝද රථයට නංවාගෙන රැගෙන ගොස් ගිනිගත්හේන කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුගල ප්‍රදේශයේදී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස පවසා රු. 500 මුදලක් ලබාදී සිසුවාව ප්‍රධාන මාර්ගය අසල දමාගොස් ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසීය.
තුවාල ලබා ප්‍රධාන මාර්ගය අසල වැටි සිටි පාසල් සිසුවාව ප්‍රදේශවාසින් එක්ව ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළු කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇත.
ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසුවේ CCTV දර්ශන භාවිත කර අදාළ සැකකරුව හඳුනාගත් බවය.

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි