අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහාය නොදැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබේ.
යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.මතභේදාත්මක ඉගෙනුම් මොඩියුල ඉවත් කරන බවට දැනටමත් ප්‍රකාශ කර ඇති පසුබිමක, ඇයව ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම “දේශපාලන පළිගැනීමක්” ලෙස තම පක්ෂය සලකන බව ඔහු පැවසීය.
රජය පිළිබඳ විවිධ විවේචන පැවතියද, පුද්ගලිකව කාන්තාවකට එරෙහිව ගෙනයන අපහාසාත්මක ක්‍රියාවලට තම පක්ෂය හවුල් නොවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට පසුගාමී මට්ටමක පවතින බව පෙන්වා දුන් ශ්‍රීධරන් මහතා, රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව දැඩිව පවතින බවද මෙහිදී සඳහන් කළේය.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි