Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියට එරෙහි විශ්වාසභංගය ගැන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ගත් තීරණය

4 weeks ago

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට සහාය නොදැක්වීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) තීරණය කර තිබේ.

යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍යවරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිසි සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.මතභේදාත්මක ඉගෙනුම් මොඩියුල ඉවත් කරන බවට දැනටමත් ප්‍රකාශ කර ඇති පසුබිමක, ඇයව ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම “දේශපාලන පළිගැනීමක්” ලෙස තම පක්ෂය සලකන බව ඔහු පැවසීය.

රජය පිළිබඳ විවිධ විවේචන පැවතියද, පුද්ගලිකව කාන්තාවකට එරෙහිව ගෙනයන අපහාසාත්මක ක්‍රියාවලට තම පක්ෂය හවුල් නොවන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සසඳන විට පසුගාමී මට්ටමක පවතින බව පෙන්වා දුන් ශ්‍රීධරන් මහතා, රටට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව දැඩිව පවතින බවද මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *