නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් සැකකරුවෙකු මේ මස (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් තිළින එම් පිරිස් මහතා විසින් (02) දින නියෝග කලහ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරඑලිය නානුඔය පැරකුම්පුර ප්‍රදේශයේ පදිංචි රොෂාන් චමින්ද නැමති (43) හැවිරිදි අයෙකි.
සැකකරු ඔහුගේ හිතවතෙකුගේ නඩු කටයුත්තක් සදහා (02)දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්තාවේ අධිකරණයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා අධිකරණය තුල නිශ්ශබ්ද වන ලෙස කල දැනුම් දිමකට උරණ වු සැකකරු පොලිස් නිලධාරියාට පහර දි ඇති බවයි නුවරඑලිය පොලිසිය කියා සිටියේ.
සැකකරු පොලිස් නිලධාරියාට පහරදෙන අවස්තාවේ අධිකරණ භුමිය තුල රාජකාරියේ නිරතව සිටි සෙසු පොලිස් නිලධාරින් විසින් සැකකරු අල්ලා සැකකරුව නුවරඑලිය පොලිසිය වෙත භාර දි තිබුණි.
-රංජිත් රාජපක්ෂ-

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්