Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධිකරණ භූමිය තුළදී සැකකරුවෙකු පොලිස් නිළධාරියෙකුට පහර දෙයි

2 years ago 1.3 K

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් සැකකරුවෙකු මේ මස (09) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් තිළින එම් පිරිස් මහතා විසින් (02) දින නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරඑලිය නානුඔය පැරකුම්පුර ප්‍රදේශයේ පදිංචි රොෂාන් චමින්ද නැමති (43) හැවිරිදි අයෙකි.
සැකකරු ඔහුගේ හිතවතෙකුගේ නඩු කටයුත්තක් සදහා (02)දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්තාවේ අධිකරණයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා අධිකරණය තුල නිශ්ශබ්ද වන ලෙස කල දැනුම් දිමකට උරණ වු සැකකරු පොලිස් නිලධාරියාට පහර දි ඇති බවයි නුවරඑලිය පොලිසිය කියා සිටියේ.

සැකකරු පොලිස් නිලධාරියාට පහරදෙන අවස්තාවේ අධිකරණ භුමිය තුල රාජකාරියේ නිරතව සිටි සෙසු පොලිස් නිලධාරින් විසින් සැකකරු අල්ලා සැකකරුව නුවරඑලිය පොලිසිය වෙත භාර දි තිබුණි.

-රංජිත් රාජපක්ෂ-

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *