අම්පාර මහ රෝහලේදී ඊයේ (23) සිදුවූ සුවිශේෂී තුන් නිවුන් දරු උපතක් සමඟින්, පසුගිය වසරක කාලය තුළ එම රෝහලේ සිදුවූ මුළු නිවුන් දරු උපත් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අම්පාර මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තරිඳු එදිරිසූරිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ සිසේරියන් සැත්කමකින් මෙම දරුවන් තිදෙනා මෙලොවට බිහි කර තිබුණා.
දරුවන් තිදෙනාම පිරිමි දරුවන් වන අතර, ඔවුන්ගේ බර පිළිවෙළින් කිලෝ 01ක්, කිලෝ 01යි ග්‍රෑම් 300ක් සහ කිලෝ 01යි ග්‍රෑම් 400ක් ලෙස සටහන්ව තිබෙනවා.
මෙම දරු උපත පිළිබඳ අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිමුතු සුභසිංහ පැවසුවේ, දැනට දරුවන් තිදෙනාම රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ පසුවන අතර ඔවුන් ඉතා නිරෝගී මට්ටමක පසුවන බවයි.
“අපේ ඒකකයේ දැනට දරුවන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. හම්බන්තොට, මොණරාගල, කාත්තන්කුඩි, දෙහිඅත්තකණ්ඩිය සහ මහඔය වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පවා අඩු බර දරුවන් අපේ ඒකකයට ගෙන එනවා. ඔවුන් සාර්ථකව සුවපත් කර දෙමාපියන්ට භාර දීමට අපට හැකියාව ලැබී තිබෙනවා,” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙක් මරුට! 6ක් අතුරුදන්!
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්! අත්අඩංගුවට ගැනීමේදී පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක්! (වීඩියෝ)
හෙට ID ඔෆිස් වැසේ
දින 6ක් තුළ ජීවිත 42ක් බිලිගත් මාරයා
ගෑස් සැපයුම අද සිට යථා තත්ත්වයට
චන්දන කත්රිආරච්චිගේ නිවසින් සොයාගත් ආයුධ තොගය ගැන තොරතුරු රැසක් එළියට! CCDය නිවස පීරයි!
එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් නව නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට
දකුණෙන් මාකුඹුරට එන අයට ඔන්ලයින් බස් ටිකට්