Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අම්පාර මහ රෝහලේදී තුන් නිවුන් දරු උපතක්

2 months ago

අම්පාර මහ රෝහලේදී ඊයේ (23) සිදුවූ සුවිශේෂී තුන් නිවුන් දරු උපතක් සමඟින්, පසුගිය වසරක කාලය තුළ එම රෝහලේ සිදුවූ මුළු නිවුන් දරු උපත් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අම්පාර මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තරිඳු එදිරිසූරිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකළ සිසේරියන් සැත්කමකින් මෙම දරුවන් තිදෙනා මෙලොවට බිහි කර තිබුණා.

දරුවන් තිදෙනාම පිරිමි දරුවන් වන අතර, ඔවුන්ගේ බර පිළිවෙළින් කිලෝ 01ක්, කිලෝ 01යි ග්‍රෑම් 300ක් සහ කිලෝ 01යි ග්‍රෑම් 400ක් ලෙස සටහන්ව තිබෙනවා.

මෙම දරු උපත පිළිබඳ අදහස් දැක්වූ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිමුතු සුභසිංහ පැවසුවේ, දැනට දරුවන් තිදෙනාම රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ පසුවන අතර ඔවුන් ඉතා නිරෝගී මට්ටමක පසුවන බවයි.

“අපේ ඒකකයේ දැනට දරුවන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. හම්බන්තොට, මොණරාගල, කාත්තන්කුඩි, දෙහිඅත්තකණ්ඩිය සහ මහඔය වැනි දුර බැහැර ප්‍රදේශවල සිට පවා අඩු බර දරුවන් අපේ ඒකකයට ගෙන එනවා. ඔවුන් සාර්ථකව සුවපත් කර දෙමාපියන්ට භාර දීමට අපට හැකියාව ලැබී තිබෙනවා,” යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *