20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයකින් දකුණු අප්රිකානු කණ්ඩායම පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් විය.
ඒ අනුව අද (06) ඇඩිලේඩ් ක්රීඩාංගනයේ පැවති තරඟය ලකුණු 13කින් ජය ගැනීමට නෙදර්ලන්තය සමත්විය.
ඒ සමගම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව දකුණු අප්රිකාව ට අහිමි විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තේය.
නමුත් දකුණු අප්රිකානු කණ්ඩායම ට රැස් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 145ක් පමණි.
දකුණු අප්රිකාව ලැබූ මෙම පරාජයත් සමඟ දෙවන කාණඩයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.
අද පවත්වන පාකිස්තානය හා බංගලාදේශය අතර තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායමටද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවස්ථාව හිමි වේ.

කංජිපානි ඉම්රාන්ගේ ප්රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්රබල භූ කම්පනයක්
ට්රම්ප්ගෙන් සුබවාදී ප්රතිචාරයක්