ඉන්දීය ජාතික කොඩියට අපහාස වන අයුරින් කටයුතු කළ බවට චෝදනා කරමින් ඉන්දීය තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පූනෛහි සිවාජි නගර් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
පූනෛහි නීතිඥවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ලට අනුව, නවසීලන්තය සමඟ පැවැති විස්සය විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රහණය සැමරීමේදී පාණ්ඩ්‍යා ජාතික කොඩියට අගෞරව වන පරිදි කටයුතු කර ඇත.
නීතිඥවරයා පෙන්වා දෙන්නේ පාණ්ඩ්‍යාගේ සැමරුම් ඉන්දීය ජාතික ගෞරවය කෙළෙසන සුළු බවයි.
පැමිණිල්ලට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ පට කිහිපයක් ද පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ. එම වීඩියෝවල පහත කරුණු අන්තර්ගත වන බව පැමිණිල්ලේ සඳහන් වේ:
- හර්දික් පාණ්ඩ්‍යා ජාතික කොඩිය සමඟ නර්තනයේ යෙදීම.
- ජාතික කොඩිය සිරුර වටා දවටාගෙන වේදිකාවේ වැතිර සිටීම.
- ජාතික කොඩිය සිය ඉනෙහි ගැටගසා ගනිමින් සිය පෙම්වතිය සමඟ නර්තනයේ යෙදීම.

පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩ
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
සිවරාජා අනෝජන් බේරාගැනීමට ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුමක්
පළාත් 8ක වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි
විදුලි බිලෙන් ජනතාවට සහන දෙන්න දැවැන්ත මුදලක් වෙන් කරයි
මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නක්! අයෙකු මරුට!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම
විදුහල්පති වැටුප් විශමතා විසඳන්න අනුකාරක සභාවක්
ඉන්ධන අලෙවියේදී සිදුවන පාඩුව ගැන සමාගම්වලින් රජයට දැනුම්දීමක්! රජය ගැනීමට සැරසෙන තීරණය!