“සැබෑ එකඟතාවක්” ඇති වී එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තුරු අමෙරිකානු හමුදා ඉරානය අවට තවදුරටත් රැඳී සිටින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,
“දැනටමත් සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති සතුරෙකු විනාශ කිරීම සඳහා අවශ්‍ය අමෙරිකානු නෞකා, ගුවන් යානා සහ හමුදා නිලධාරීන් මෙන්ම අමතර පතොරම්, ආයුධ සහ අනෙකුත් සියලුම මාරාන්තික දේ සන්නද්ධව තබා ගන්නා” බවයි.
මෙම එකඟතාවන් උල්ලංඝනය වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව ට්‍රම්ප් පැවසුවද, යම් හෙයකින් එය එසේ නොවන්නේ නම්, “කවුරුන් හෝ මෙතෙක් දැක ඇති විශාලතම හා ශක්තිමත්ම ආකාරයෙන් යළිත් වෙඩි තැබීම් ආරම්භ කරන්න” යනුවෙන් අනතුරු ඇඟවා ඇති බව සඳහන් වේ.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවි හිමි නොවිය යුතු බවටත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව හා ආරක්ෂිතව පැවතිය යුතු බවටත් බොහෝ කලකට පෙර එකඟ වී ඇති බවය.

රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්!
රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්