නවීකරණය කර පසුගිය 08 වැනිදා ජනතා අයිතියට පත්කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ ජනතා අයිතියට පත්කළ බස් නැවතුම්පොළ නිර්රික්ෂණයට පැමිණෙමින්.
මෙසේ බස් නැවතුම්පොළ විනාශ කිරීම සංවිධානාත්මකව සැලසුම් සහගතව සිදුවෙන ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.
ජනතා බදු මුදලින් සැදූ මෙම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකිරීමට ඉඩ දිය නොහැකි බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව මෙහි කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
එමෙන්ම ඉදිරි මාස තුනක කාලයක් ගත කිරීමට ගුවන් හමුදාව එකඟ වී ඇති බවත් ඒ සඳහා අද දිනයේ සාකච්ඡා පවත්වන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.
බස් නැවතුම්පොළේ ආරක්ෂිත තත්ත්වය තව දුරටත් වැඩිකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්!
රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්